අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යනුවෙන් මෑතකදී අප ‘දේශය’ හි සඳහන් කළේ විශ්වවිද්‍යාල
පර් යේෂකයන් කණ්ඩායමක් ශාක සාර ඩීසල් සොයාගැනීමක් ගැන කරනා හෙළිදරව්වකදීය. අදත් අප ඒ අයුරින්ම එම ආප්තෝපදේශය භාවිත කරන්නේ දේශීය ඉංජිනේරැවරැන් හා දකුණේ කාර්මික ශිල්පීන් විසින් නිපදවන ලද තවත් සුඛෝපභෝගී රැවල් යාත්‍රාවක් ප්‍රථම වරට මුහුදට දියත් කිරීම ගැන සටහන් තැබීමකදීය.
වැලිගම නගරාසන්න මුහුදුතීරයෙන් සයුරට මුදා හැරැණු එම රැවල් යාත්‍රාව නිපදවා ඇත්තේ කොග්ගල නිදහස් වෙළඳ කලාප භූමියේ පිහිටි බැක්පොලිමැක් නමැති ආයතනය මගිනි. එම පුහුණු අභ්‍යාස ආයතනය පිහිටුවා ඇත්තේ 2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ විපතටපත් ජනයාට පිහිටවීම සඳහා ආචාර්ය තිස්ස ජිනසේන සහ එවක බෙලිජියම් කොන්සාල්වරයා වූ ප්‍රින්ජස් පියරේ යන මහත්වරැන් විසින් පුණ්‍ය ආයතනයක් ලෙසය.
එහි පුහුණුව ලැබූ දේශීය තරැණ තරැණියන් හැට දෙනකු පමණ සහ එම පදනමේ ලාංකික කාර්මික හා ඉංජිනේරැවරැන් විසින් මෙම සුවිශේෂී රැවල් යාත්‍රාව නිපදවා ඇත.
මීට පෙරද ඔවුන් මෙබඳු රැවල් යාත්‍රා හතරක් පමණ නිෂ්පාදනය කර ඇති අතර, එම පළමු නිෂ්පාදනවලට වඩා නවීන තාක්ෂණයෙන් හෙබි අයුරින් මෙවර දියත් කළ රැවල් යාත්‍රාව නිපදවා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව ඉදිකිරීමට මාස හයක් පමණ ගතවූ මෙම යාත්‍රාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ආයතනයේ සාමාන්‍යාධිකාරී සමන් වීරවර්ධන මහතා මෙසේ පැවැසීය.
&මේ යාත්‍රාව අඩි 53ක් දිගයි. අඩි 27ක් පළලයි. අඩි 16ක් උසයි. කුඹ ගස අඩි 60ක් පමණ උසයි. යාබද නාන කාමර සහිත නිදන මැදිරි 4ක් එහි අඩංගු වනවා.
ඊට අමතරව සියලුම සන්නිව්දන උපකරණ අංගවලින් සමන්විත එය කිසිදු බාධකයකින් තොරව සාගරය ඔස්සේ ලෝකය වටා වුවද සංචාරය කළ හැකියි.
අති නවීන ජීවිතාරක්ෂක උපකරණ සියල්ලක්ම අඩංගු එහි අට දෙනකුට පමණ අංග සම්පූර්ණ පහසුකම් තිබෙනවා. ඒ හැරැණු විට මුහුදේ තල්මසුන් නැරඹීම වැනි සාගර චාරිකා සඳහා තිස් පස්දෙනකුට පමණ ඉතා පහසුවෙන් ගමන් කළ හැකියි.
අශ්වබල පනහේ යන්මාර් ඇන්ජින් දෙකක් මෙහි සවිකර තිබුණත් ඒවා වැඩිපුරම භාවිත වන්නේ වරායන් තුළ යාත්‍රාව හැසිරවීමටයි. ප්‍රධාන වශයෙන්ම රැවල ආධාරයෙන් තමයි මෙම යාත්‍රාව ධාවනය කරනු ලබන්නේ.
එය නිපදවීමට ෆයිබර් ග්ලාස් යොදා ගන ඇති අතර &ඉන් ෆ්ලූෂන්* කියන තාක්ෂණය මගින් තනා ඇති නිසා මෙහි බර ටොන් අටක් පමණයි. නමුත් එය සාමාන්‍ය ෆයිබර් තාක්ෂණයෙන් නිපදවූවා නම් ටොන් 35ක් විතර බර වෙන්න ඉඩ තිබුණා.
මීට පෙර අප නිපදවූ යාත්‍රා සමඟ සසඳන විට මෙම යාත්‍රාවේ පෙරට වඩා සෝලා විදුලි ශක්තිය උපයෝගී කරගෙන තිබෙනවා. එපමණක් නොවෙයි මුහුදු වතුර පානීය ජලය බවට පත්කරන (වෝටර් මේකර්) උපකරණත් මෙහි සවිකර තිබෙනවා,
සියයට සියයක් ශ්‍රී ලංකාවේ ශ්‍රම දායකත්වය මත නිපදවූ මෙම යාත්‍රාව මේ වන විට බැෆ් පොලිමැක් ආයතනයට සම්බන්ධ සේල් ලංකා (රැවල් චාරිකා) ආයතනයට දෙස් විදෙස් සංචාරක කර්මාන්තයේ යෙදවීම සඳහා රැපියල් කෝටි දහයක් වැනි මුදලකට අලෙවි කර තිබෙනවා. ඉන් අදහස් වන්නේ මෙබඳු යාත්‍රාවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ දැඩි ඉල්ලුමක් ඇති බවයි.
මෙය නිපදවීමට යොදාගත් අමුද්‍රව්‍ය වලින් සියයට අනූපහක්ම විදේශීය රටවල් වලින් ආනයනය කරන නමුත් ලීයෙන් කරන ලද නිමවුම් සහ එහි ශ්‍රම දායකත්වය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් සතු වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙම යාත්‍රාවට රැවල ආධාරයෙන් පැයට නාවික සැතපුම් 17කින් හෙවත් පැයට කිලෝමීටර් 32 ක වේගයෙන් ගමන් කළ හැකියි.
මීට පෙර අප විසින් නිපදවනු ලැබූ රැවල් යාත්‍රා කීපයම මේ වන විටත් සාර්ථකව ධාවනයේ යෙදෙනවා. අප තැනූ රැවල් යාත්‍රාව කලින් අප කළ නිපයුම් වලට වඩා නවීන අංග රාශියකින් සමන්විතයි.
මෙම රැවල් යාත්‍රාවේ ඉදිකර ඇති ජාත්‍යන්තර රැවල් යාත්‍රා ආකෘතිය නිසා බර වැටෙන තරමට එය ජලය සමග බද්ධ වන විදියටයි තනා තිබෙන්නේ. ඒ නිසා මෙම යාත්‍රාව කිසි සේත්ම අනතුරැදායක නැහැ. මෙම සුවිශේෂී රැවල් යාත්‍රාව සංචාරක කර්මාන්තයට මෙන්ම විවිධ මුහුදු ජල ක්‍රීඩා සංවිධානය කිරීමට මෙන්ම තල්මසුන් නැරඹීම වැනි සංචාරක ක්‍රියාකාරකම් සඳහා ඉතා ගැළපෙනවා.
මෙම ආයතනයේ නිර්මාතෘවරැන් මෙන්ම වත්මන් හිමිකරැවන් වන බෙල්ජියම් ජාතික පියරේ ප්‍රින්ජස් සහ තිස්ස ජිනසේන මහත්වරැන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කෞෂාල් රාජපක්ෂ යන අයගේ සහයෝගය මත මෙවැනි යාත්‍රා තවත් නිපදවීමට අප ඉදිරියේදීත් සැලසුම් කර තිබෙනවා.
අප මීට පෙර නිපදවූ රැවල් යාත්‍රා සියල්ලමත් මුහුදට දියත් කළේ වැලිගම මුහුදු තීරයේ සිටයි. ඊට හේතුව කොග්ගල සිට වැලිගම දක්වා මුහුදු තීරයේ මෙබඳු සුවිසල් යාත්‍රාවක් දියත් කිරීමට ඉතාම ගැළපෙන වෙරළ පරිසරය පිහිටා තිබෙන්නේ වැලිගම නිසයි.
විශාල දොඹකරයක ආධාරයෙන් මෙම රැවල් නැව කොළඹ මාතර ගාලු පාර ඔස්සේ කිලෝ මීටර දහයක පමණ දුරක් ගෙවා වැලිගමට රුගෙන එන විට රුය පහන්වී පසු දිනට එළිය වැටී තිබුණා.
එම ගමනේදී මතුවන දුෂ්කරතා ගැන මේවන විට අපට අත්දැකීම් රාශියක් තිබෙනවා. අඩි 24ක් පමණ පළල මෙම රැවල් යාත්‍රාව ගාලු පාර ඔස්සේ රුගෙන ඒමේදී මාර්ගයේ වාහන හැසිරවීමට හබරාදුව (අහංගම) වැලිගම යන පොලිස් ස්ථාන වලින් අපට උපරිම සහායක් ලැබුණා.
අඩි 65ක් උසැති මෙහි කුඹ ගස අප රුගෙන ආවේ විශේෂ අට්ටාලයක රඳවා ට්‍රැක්ටරයක ආධාරයෙනුයි.
එමෙන්ම මීට පෙර අවස්ථා වලදීද විදුලි රුහැන් සහ දුරකථන රුහැන්වලට හානි සිදු නොවීමට විදුලි බල මණ්ඩලය සහ ටෙලිකොම් යන ආයතන වලින් අපට මනා සහයෝගයක් ලබාදුන්නා.
එමෙන්ම මෙම රැවල් යාත්‍රාව මුහුදට දියත් කිරීමේදී වැලිගම ජනතාව අපට මෙවරද ඉතා වටිනා සහයෝගයක් ලබාදුන්නා ඒ හැම දෙනාටම ස්තුති කිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා...’’
ඉන්පසුව අවසන් වශයෙන් අදහස් දැක්වූ මෙම දේශීය රැවල් යාත්‍රාව තැනීමට දේශීය කාර්මික ශිල්පීන් බිහිකළ අනාගතය ගොඩනැගීමේ පදනමේ සම සභාපති ආචාර්ය තිස්ස ජිනසේන මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
&ඇත්තෙන්ම අපට මෙය ඉතාමත් සතුටුදායක අවස්ථාවක් වන්නේ මෙය අපගේ පදනමේ දරැවන්ගේ සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක් නිසයි. කලින් යාත්‍රාවලට වඩා මෙම රැවල් යාත්‍රා වලට නවාංග රුසක් එක් කර තිබීමෙන් පවා කියවෙන්නේ අපි ක්‍රමයෙන් රැවල් යාත්‍රා තාක්ෂණයේ ඉදිරියට ගමන් කරන බවයි...* කියාය.
අවසන් වශයෙන් අදහස් දැක්වූ හිටපු බෙල්ජියම් කොන්සාල්වරයා මෙන්ම, ජාතිය ගොඩනැගීමේ පදනමේ සම සභාපති බි්රන්ජස් පියරේ මහතා මෙසේ පැවැසීය.
&අද අපට ඉතාමත් සතුටුදායක දිනයක්. ඊට හේතුව මීට පෙර අප රැවල් යාත්‍රා තැනුවේ විදේශික ඉංජිනේරැවන්ගේ මඟ පෙන්වීම යටතේ වුවත් මෙවර අප තනිකරම දේශීය තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වයෙන් අංග සම්පූර්ණ සුඛෝපභෝගී රැවල් යාත්‍රාවක් නිපදවා එය දියත්කොට යාත්‍රා කරවීමට හැකිවීම ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස මා දකිනවා. එය ශ්‍රී ලාංකික තාක්ෂණික ලෝකයේ අමරණිය සිහිවටනයක් ලෙසද හැඳින්විය හැකි වනවා...* යනුවෙනි.
I සටහන - ඡායාරෑප - ආර්.ජී. ජයවර්ධන.